Wednesday, April 29, 2015

වයස එක්ක කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩු වෙන්නට හේතුව


කාන්තාවන්ගේ ලිංගික ආශාව හා තෘප්තිය ඇති වන්නේ හෝමෝන වල ක්‍රියාකාරිත්වය මතයි. ඔවුන්ගේ සිරුර නිර්මාණය වෙලා තිබෙන්නේ මුලිකවම දරු ප්‍රසුතියක් සඳහා සුදුසු වන ආකාරයටයි.
ඉතින් දරුවෙක් දරා ගැනීමට කාන්තාවකට හැකියාව ඇති කාලය තුලදී පමණයි ඔවුන්ගේ ලිංගික ආශාව සහ බැඳුණු හෝමෝන ක්‍රියාකාරී වන්නේ. මෙය සිරුරේ විශ්මිත හැඩ ගැසීමක්.

කාන්තාවකගේ ආර්තවහරණය ගැන විවිධ මත තිබෙනවා. ආර්තවහරණය සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 ත් 50 ත් අතර කාලයේ සිදු වුවත් එය සමහරුන්ට ඊට පෙර හෝ පසු සිදු විය හැකියි.
ආර්තවහරණය සමග කාන්තාවකගේ සිරුරේ සම්පුර්ණ හෝමෝන ක්‍රියාවන්ගේ වෙනස් වීමක් ඇති වනවා. මෙය ශාරීරික මානසික යන ආකාර දෙකෙන්ම බලපෑම් ඇති කරනවා.
මේ නිසා ආර්තවහරණයට ආසන්න වන විට ඒ ගැන හඳුනාගැනීම මගින් එකවර ඇති වන විශාල පීඩනයෙන් මිදෙන්නට හැකියි.

මුලින්ම ඇති වන තත්වය වන්නේ ආර්තව අසාමාන්‍යතා ඇති වීමයි. වෙනදාට වඩා වේදනාවක් ඇති වීම, වැඩිපුර ලේ පිටවීම, දින ගණන් වෙනස් වීම වගේ දේවල් ඇති වනවා.
මේ සමගම බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුව වන්නේ ලිංගික ආශාව අඩු වී යාමයි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීමට යොමු වන අවස්ථා බහුලයි. මෙය සාමාන්‍ය තත්වයක් බව කාන්තාව මෙන්ම පිරිමියාද තේරුම් ගන්නවා නම් පවුල් වල ඇති වන ගැටළු බොහොමයක් අවම වනවා ඇති.
තවත් ලක්ෂණයක් වන්නේ නිතර ඇති වන අසාමාන්‍ය දහඩිය දැමීම් තත්වයයි. මේ ගැනත් කාන්තාවන් බොහෝ බිය වනවා.

මානසිකව බලපෑම් ඇති කරමින් විවිධ මානසික අසහන තත්ත්ව, කේන්ති යාම්, මානසික ව්‍යාකුලතා වැනි දේවල් ඉතා බහුලව ඇති වනවා. යෝනි මාර්ගයේ ඇති වන වියලි ස්වභාවය නිසාත් ලිංගික ආශාව හා තෘප්තිය අවම වීම ඇති වනවා. එමෙන්ම මේ නිසාම ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ආසාදන මුත්‍රා ආසාදන පවා ඇති වනවා.
මීට අමතරව සිරුරේ තැන තැන ඇති වන කැක්කුම් නිතර ඇති වන වේදනා ඉතාම බහුලයි.
මෙවැනි ලක්ෂණ සමග ඔබේ ආර්තවහරණය ලංවී ඇති බව ඔබට දන්වනවා. ඉතින් ඒ ගැන අවදානයෙන් සිටිමින් අනවශ්‍ය බිය වීම් කරදර වීම් සහ අනවශ්‍ය ලෙස විවිධ ගොඩ වෙදකම් වලට යොමු වීම් නවත්වාගෙන ඔබට යම් පහසුවක් ලැබිය හැකි වේවි.

0 comments:

Post a Comment