දත් වල මැලියම් නැති කරන ක්‍රම 5ක්
දත් වල ඇති මැලියම් වලින් පැවසෙන්නේ ඔබගේ දත් බැක්ටීරියා වලින් පිරී ඇති බවයි’ එය ඔබ ආහාර ගැනීමේදී වර්ධනය වන අතර බොහෝ ලෙස එය සිදු වන්නේ පැණි රස ආහාර මගිනුයි’ එම තත්වය දත් මුල් ඉදිමුම වැනි විදුරු මස් රෝග හා කුහර දක්වාද වර්ධනය විය හැකියි.මුඛය බොහෝ විට ශරීරයේ අපිරිසිදුම කොටසක් ලෙස හැදින්වෙන්නේ මෙම බැක්ටීරියා නිසායි’ ඔබ ගන්නා ආහාර කොටස් ඉතිරි වී බැක්ටීරියා සමග ක්‍රියා කර මෙම මැලියම් ඇති කරනවා’ එයින් එනමලයට හා විදුරුමස් වලටද හානි ගෙන දෙනවා’ අවසානයේ එය දත් අහිමි වීමක අවධානම පවා ඇති කරනවා’ ඒ නිසා මෙම මැලියම් ඉවත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්.
පළමුව ඔබ පැණි රස ආහාර ගැනීම තරමක් අඩු කළ යුතුයි’ දෙවනුව දවසට දෙවරක් දත් මැදීම හුරු කර ගත යුතුයි’ තව දුරටත් ඔබගේ බුරුසුවට ලගා විය නොහැකි තැන් රෙදි කැබැල්ලක ආධාරයෙන් හෝ පිරිසිදු කළ යුතුයි’
සාමාන්‍යයෙන් ඔබ වසරකට වරක් හෝ දන්ත වෛද්‍යවරයෙක් හමු විය යුතුයි’ ඒ අතරතුර මෙම තත්වය නැති කර ගැනීමට ඔබට නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම 5ක් අප අද ඔබට ඉදිරිපත් කරනවා.
1. ක්‍රමය
වොල්නට් පොතු කුඩු එනමලයට හානි නොකර මෙම මැලියම් නැති කර ගත හැකි වඩා යෝග්‍ය ක්‍රමයක්.
අවශ්‍ය ද්‍රව්‍ය -
- වෝලනට් පොතු කුඩු ග්‍රෑම් 30ක්
- ජලය
පියවර -
- කුඩා කලයක් ගෙන ජලය හා වෝලනට් කුඩු විනාඩි 15ක් නටන තෙක් රත් කර ගන්න
- එය නැවත කාමර උශ්ණත්වයට නිවෙන්නට තබන්න
- එයට ඔබගේ බුරුසුව දමා දත් මදින්න’ දිනකට 3 වරක් පමණ මෙය කරන්න
2 ක්‍රමය
මෙය රත් කිරීමට අවශ්‍ය නොවන ප්‍රතිකර්මයක්
අවශ්‍ය ද්‍රව්‍ය-
- සූරියකාන්ත ඇට තේ හැදි 4ක්
- දෙහි මල් තේ හැදි 4ක්
- ජලය ලීටරයක්
පියවර -
- මෙම සියල්ල කළයකට දමා ගන්න
- එය වසා විනාඩි 30ක් පමණ තිඛෙන්නට හරින්න
- ආහාර ගැනීමෙන් පසු මෙම මිශ්‍රණය තුලට ඔබගේ බුරුසුව බහා දත් මදින්න
3 ක්‍රමය
එනමලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රමය සතියකට වරක් භාවිත කරන්න
අවශ්‍ය ද්‍රව්‍ය -
- ඇපල් සයිඩර් විනාකිරි
පියවර -
- මෙම දියරය තේ හැන්දක් පමණ මුඛයට ගෙන සෝදා ඉවත දමන්න
- දැන් ක්‍රමිකව සෙමෙන් දත් මදින්න
- අවසන් වූ වහාම ජලයෙන් මුඛය සෝදා හරින්න
4 ක්‍රමය
මෙයට විශේෂ දේවල් අවශ්‍ය වුණත් වඩා ප්‍රතිපළ දායක ක්‍රමයක්
අවශ්‍ය ද්‍රව්‍ය -
- කොහොඹ කොළ තේ හැදි 3ක්
- පැසුණු වයින් ඩෙසි ලීටර 4ක්
පියවර -
- වයින් සහ කොහොඹ කොළ සුදුසු තරමක බදුනකට දමා ගන්න
- එය ආවරණය කර පැය කිහිපයක් තිඛෙන්නට හරින්න
- පසුව දියරය පෙරා වෙන් කර ගන්න
- ඒ මතට බුරුසුව දමා ඉන් දත් මදින්න
5 ක්‍රමය
මෙය පහසුම ක්‍රමයයි
අවශ්‍ය ද්‍රව්‍ය -
- බේකින් සෝඩා
පියවර -
- බුරුසුව ජලයෙන් තෙමා ගන්න
- එය බේකින් සෝඩා ඇති බදුනක බහාගෙන පිටතට ගන්න
- ඉන් දත් මැදීම සිදු කරන්න
0 comments:
Post a Comment