Monday, November 16, 2015

උපේක්ෂා දෙවන විවාහයට සැරසේ

ජනප්‍රිය නිළි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි ලබන වසරේදී දෙවන විවාහය සිදු කර ගැනීමට සූදානම් බවට වාර්තා වේ. උපේක්ෂා මේ වන විට පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇති අතර ඇය නැවත විවාහ වීමට ‍තෝරාගෙන ඇත්තේද පළමු විවාහයෙන් දික්කසාද වූ තැනැත්තෙකි. එසේම මෙම විවාහය චාම් අයුරින් පැවැත්වීමටද ඇය බලාපොරොත්තු වේ.
“මම දික්කසාද වෙච්ච කෙනෙකුත් හැටියට මට සුදුසු කෙනා කවුද කියන එක ගැන එදාට වඩා අවබෝධයක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා සුරංගනා ලෝකයක ජීවත් වෙන්න පුළුවන් විදියට හැමදේම සාර්ථක වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. එයා මට වඩා ගොඩක් වැඩිමල්. අවුරුදු 08ක 09ක පරතරයක් තියෙනවා. ඔහුගේ ජීවිතය ස්ථාවරයි. හරිම සූක්ෂ්මව ජීවිතය ගත කරන කෙනෙක් සහ ඔහු හරිම බුද්ධිමත්. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි විතරයි. ඉතින් ඔහු අපේ ජීවිතවලට ලොකු ශක්තියක්. අනිත් එක ඔහුත් විවාහ වෙලා වෙන්වුණ කෙනෙක්. ඒ නිසා විවාහය කියන්නේ මොකක්ද කියලත් ඔහු දන්නවා.
මම ගොඩක් හිතුවා. 2011දී විතර ඉඳලම මම ඔහුව දන්නවා. මේ සම්බන්ධයට හා කියන්න කලින් මම අම්මාගේ කැමැත්ත ගත්තා. කේන්දර ගැළපෙනවද බැලුවා. ඔහුගේ පවුලේ කට්ටියත් සමඟ කතා කළා. අපේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළා. ඒ හැමදේම ගැන එකඟ වෙලා තමයි අපි තීරණයකට ආවේ.”

0 comments:

Post a Comment