ස්වාභාවික මදුරු පලවාහරනයක් හදමු නිවසේදීම
ඉතාමත් ලාභදායී සහ පරිසර හිතකාමීව අප සැමටම නිවසේදී සාදාගැනීමට හැකි මදුරුවන් පලවා හරින සාර්ථක ක්‍රමවේදයක්.
මිනිසුන් සියල්ලකටම පාහේ තමාගේ ප්‍රියතම කෝපි කෝප්පය නොමැතිව දවස ආරම්භ කිරීමට සිතීමට පවා නොහැක. සංඛ්‍යා ලේඛන වලට අනුව කෝපි යනු ජලය මෙන්ම ප්‍රියජනක දෙයක් වන අතර එයින් වාසි රැසැක්ම ලබා ගත හැකිය. කෝපි කෝප්පය පානයකර අවසානයේ ඉතිරිවන මන්ඩි ඉතාමත් වටිනා බව මිනිසුන් සියල්ලම පාහේ නොදන්නා දෙයයි. කෝපි මන්ඩි පසට පොහොරක් ලෙස භාවිත කිරීමට හැකියාව ඇත, සමේ ආලේප කිරීමට පවා යොදාගනියි තවද මදුරුවන් පලවා හැරීමේ පිළියමක් ලෙසද මේවා යොදා ගැනීමේ හැකියාව ඇත. මේවාද ඇතුලුව මෙයින් බොහෝ කාර්යයන් ඉටු කරවා ගැනීමේ හැකියාව ඇත.
මදුරුවන් පලවා හැරීමේ අනෙකුත් ක්‍රම ගැන කතා කිරීමේදී පරිසර ආරක්ෂණ සඳහා වන එක්සත් ජනපද ආයතනයේ (EPA) පවසන දෙය වන්නේ මෙමෙ ක්‍රමය ඉතාමත් සථලදායී ක්‍රමයක් වන අතර මෙමගින් ඉතාමත් පරිසර හිතකාමී ලෙස මෙම සතුන් පලවා හැරීමට හැකියාව ඇති බවයි.
මෙය සකසා ගන්නා ආකාරය සහ භාවිතය
• පළමුව කෝපි මන්ඩි භාජනයකට එකතු කරගන්න ඉන්පසුව එය ඇළුමිනියම් පියනකින් හොදින් වසා අඳුරු ස්ථානයක තබා හොදින් වේලීමට ඉඩ හරින්න.
• මෙය හොදින් වේලා ගත් පසු සමතල මතුපිටක තබා ජනෙල් විවෘත කර දමන්න.
• ඉන්පසුව එම ස්ථානයේ තැබූ වේලාගත් කෝපි මන්ඩි අවුලවන්න.
මෙමගින් ඇතිවන දුම මගින් මදුරුවන් පලවා හැරිය හැකිය. තවද කුහුඹුවන් ගැවසෙන ස්ථාන වලද මේ ආකාරයෙන් දුම ඇති කිරීම මගින් කුහුඹුවන්ද පලවා හැරිය හැකිය.
0 comments:
Post a Comment