විශ්වාස කිරීමට පවා අපහසු අරුම පුදුම රෝගී තත්වයන්
අරුම පුදුම රෝගී තත්වයන් පිළිබඳව සිහිකරන විට බොහෝ දෙනෙක්ගේ සිතට නැගෙන්නේ, ඩිස්කවරි නාලිකාව විසින් විකාශනය කරනු ලැබූ ට්‍රී මෑන් වැනි භයානක රෝගී තත්වයන් පිළිබඳවයි. භාහිර වශයෙන් දරුණු ස්වරූපයක් නොමැති වුනත් , එම රෝගී තත්වයන් වලට වඩා අරුම පුදුම රෝගී තත්වයන් කොතෙකුත් ලොව පවතිනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ, ඔබට සිතාගැනීමට පවා අපහසු එවැනි අරුම පුදුම රෝගී තත්වයන් කිහිපයක් පිළිබඳවයි.1. හෙමිස්පෂල් නෙග්ලෙක්ට් (එක් පැතිකඩක් පමණක් දකින)
මෙම රෝගී තත්වය නිසා මොලයේ එක් පැතිකඩකට (වම් පැත්ත* හානිවෙන අතර, පසුව එක් පැත්තක් නොපෙනී යනවා. සරලවම කියනවානම් එවිට ලෝකයේ එක් පැතිකඩක් පමණයි එම පුද්ගලයාට දර්ශනය වෙන්නේ. ඒම රෝගී තත්වය වැළඳුනු පුද්ගලයෙකුට වුර්තයක් අඳින ලෙස පැවසුවොත්, ඔහු අඳින්නේ අර්ද වුර්තයක් පමණයි.
සිදුවුණු තුවාලයක ප්‍රතිපලයක් ලෙස ඇතිවෙන මෙම රෝගී තත්වය, සුවවීම සිදුවන්නේ ඉතාමත්ම මන්දගාමීවයි.
2. ස්ටෝන් මෑන් සින්ඞ්රෝම් (මස්පිඩු අස්ථි බවට පත්වීම)
මෙය මිනිසාගේ මාංශ පේශීන් අස්ථි බවට පත්කරන භයානක රෝගී තත්වයකි. අවසනාවකට මේවන තුරු එම රෝගී තත්වය සඳහා ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ.
නමුත් වාසනාවකට මෙම රෝගී තත්වය මිලියන දෙකකින් එක් පුද්ගලයෙක්ට පමණක් වැළෙක්ෂන දුර්ලභ රෝගී තත්වයකි. ළදරු වියේදී සිට ලක්ෂණ දිස්වීම ආරම්භ වෙන අතර, වයසට පත්වෙනවාත් සමගම එම ලක්ෂණ වඩාත් උග්‍ර අතට පත්වී මස්පිඩු අස්ථි බවට පත්වෙනවා. අවසානයේදී ශරීරය සෙලවීමට පවා නොහැකිව පුද්ගලයා ගල්වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.
3. බ්ලූ මෑන් සින්ඞ්රෝම්
පෝල් කැරසන්ගේ මුළු ශරීරයම නිල් පැහැයට හැරුණු නිසා ඔහු ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. ඖෂධයක් ලෙස භාවිතා කල කලිල රිදී වල බලපෑමෙන් තමයි (ආග්රියා* ලෙස හඳුන්වන මෙම අමුතු රෝගී තත්වය එම පුද්ගලයාට වැළදී තිබෙන්නේ. ආග්රියා හැරුණු කොට මෙතෙමොග්ලෝබිනිමියා ලෙස හඳුන්වන සෞඛ්‍යය තත්වය නිසාද මෙලෙස සම නිල් පැහැයට හැරෙනවා.
මෙතෙමොග්ලෝබිනිමියා කියන රෝගී තත්වය වැළඳුනු පසුව රුධිරයේ ස්වභාවික රතු වර්ණය නිල් පැහැයට හැරෙනවා. ප්රවේනිගත රෝගයක් වන එම රෝගී තත්වය නිසා කෝමා සහ හදිසි ආබාද තාවයන් වගේම අවසාන වශයෙන් මරණයද සිදුවෙන්නට පුළුවන්. සුළු වශයෙන් සම නිල් පැහැයට හැරුණු මුළු පවුලක්ම කෙන්චර්කි වල අදටත් ජීවත් වෙන බව Walpal ලෝකයට වාර්තා වෙනවා.
4. ඇක්වජෙනික් අටිකේරියා (ජලය ස්පර්ශ වුනොත් කුෂ්ට ඇතිවීම)
මෙම රෝගී තත්වය වැළඳී තිබෙන පුද්ගලයාගේ ශරීරයේ ජලය ස්පර්ශ වුනොත් මුළු ශරීරයේම කුෂ්ට ඇතිවෙනවා. මෙය මිනිසුන්ට වඩා බොහෝවිට කාන්තාවන්ට ඇතිවෙන රෝගී තත්වයකි.
ශරීරයේ ජලය සප්ර්ෂ වෙන සෑම අවස්තාවකම පිළිස්සෙන සහ කසන ගතියක් දැනෙනවා. මිනිත්තු කිපිපයකට පසුව වේදනා ගෙන දෙන කුෂ්ටද සම මත ඇතිවෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එපමනක් නොවෙයි ජලය පානය කිරීමේදීද යම් අපහසුවක් ඔවුන්ට දැනෙනවා.
5. ඒලියන් හෑන්ඞ් සින්ඞ්රෝම් (එක් අතක් පිස්සු නැටීම)
මෙම රෝගී තත්වය වැළඳුනු පසුව එම පුද්ගලයාගේ අනුදැනුමක් නොමැතිව එක් අතක් අමුතු විදියට හැසිරෙන්න ගන්නවා. ඇතැම් අවස්තාවන් වලදී පිස්සුවෙන් වගේ හැසිරෙන අත පාලනය කිරීම සඳහා අනෙක් අතේ සහයෝගය ලබාගන්නට එම පුද්ගලයාට සිදුවෙනවා.
ඔබ කිසිඳු දිනක අසා නොමැති මෙවැනි අරුම පුදුම රෝගී තත්වයන් තවත් බොහොමයක් ලොව පවතිනවා. මේ ඉන් අතරින් කිහිපයක් පමණයි. මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී තවත් ලිපියක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා
0 comments:
Post a Comment